BREAKING NEWS
Search

පියුමිගේ ව්‍යාපාර ගැන අධිකරණය අද දුන් නියෝගය

1059

නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලීගේ සම් ආලේපන හා රූපලාවන්‍ය උපකරණ බෙදා හැරීමේ ව්‍යාපාර කටයුතුවලට අගතියක් වන අයුරින් විමර්ශන මෙහෙයවන්නේ ද යන්න පිළිබඳ ලබන 21 දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණුු දක්වන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට නොතීසී නිකුත් කරමින් අද (07) නියෝග කළේය.

පියුමි හංසමාලි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුමුදු හේවගේ මහතා කරුණු දක්වමින් කියා සිටියේ. තම සේවාදායිකාවගේ රූපලාවන්‍ය ද්‍රව්‍ය මිලදී ගනු ලබන ගනුදෙනුකරුවන් කැඳවා නිති විරෝධී වත්කම් විමර්ශන අංශයේ නිලධාරින් ප්‍රශ්න කිරීම් සිදු කිරීම හේතුවෙන් ව්‍යාපාර කටයුතුවලට බාධා පැමිණ ඇති බවය.

මේ තුළින් තම සේවාදායිකාවගේ ව්‍යාපාරයට දැඩි අගතියක් සිදුවී ඇති බවද නීතිඥවරයා පෙන්වා දුන්නේය.

අධිකරණ සංවිධාන පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව සිය සේවා දායිකාවට සිදුවන අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීම් සිදු කරන බවත් නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *