BREAKING NEWS
Search

කොවිඩ් තෙවැනි රැල්ලේ බැංකු ණය සහන සඳහා ජූනි 21 ට පෙර ඉල්ලන්න – මහ බැංකුවෙන් දැනුම් දීමක්

167

කොවිඩ් තුන්වැනි රැල්ල හමුවේ පීඩාවට පත් පුද්ගලයින් හා ව්‍යාපාර විසින් ලබා ගෙන ඇති බැංකු ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත දැනුම් දීමක් සිදුකර තිබේ. ඒ අනුව 2021 මැයි 15 දිනට තිබෙන ක්‍රියාකාරී ණය අයකර ගැනීම් සඳහා 2021 අගෝස්තු 31 කාලපරිච්ඡේදය වෙනුවෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සිදුකිරීමට යෝජනා වී ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත නිකුත් කරන ලද චක්‍රලේඛය පහත දැක්වෙන අතර ඒහි වැඩිදුරටත් සඳහන් වන්නේ සුදුසුකම්ලත් ණය ගැනුම්කරුවන් මෙම සහන ලබා ගැනීම සඳහා 2021 ජූනි 21 දිනට පෙර ඉල්ලුම් කරන ලෙසයි.

Source – Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *