ගිනිගත්හේන සිට හැටන් දක්වා ඊයේ (06) ගමන් ගත් බස්රථයක සිටි පාසැල් වාර ප්‍රවේශපත්‍රවලින් ගමන් ගත් පාසැල් සිසුන් පිරිසක් එම බස් රථයේ කොන්දොස්තරවරයා විසින් බැස්සවීමට කටයුතු කර තිබෙනවා.
එම සිදුවීම බස් රථයේ ගමන් ගත් පුද්ගලයෙකු ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර තිබුණා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී හැටන් ලංගම ඩිපෝවේ නිලධාරින් පවසනේ එම බස් රථයේ කොන්දොස්තරවරයාට එරෙහිව විමර්ෂණයක් සිදු කරන බවයි.
පාසල නිමවීමෙන් පසු ගිනිගත්හේන නගරයේ පැවති බාහිර පන්තියකට සහභාගී වී නිවස කරා යාමට ගිනිගත්හේන කඩවල දක්වා වාර ප්‍රවේශපත්‍ර අතැතිව බස් රථයට නැග ඇති ළමුන් පිරිසකුයි මෙලෙස කොන්දොස්තරවරයා විසින් බස්සවා ඇත්තේ.
ගිනිගත්හේන සිට හැටන් දක්වා කෙටිදුරක් ධාවනයවන එම බස් රථයට වාර ප්‍රවේශපත්‍ර අතැතිව සිටින කිසිඳු පාසල් සිසුවෙකු ප්‍රවාහනය නොකරන බවත්, හැටන් ලංගම ඩිපෝවේ ඇතැම් රියදුරන් සහ කොන්දොස්තරවරුන් වාර ප්‍රවේශපත්‍ර මගින් ගමන් කරන පාසල් ළමුන් සහ මගීන්ව බස් රථවලට නංවා නොගන්නා බවටත්, ප්‍රදේශවාසින් චෝදනා කර කරනවා.



















