BREAKING NEWS
Search

මර්වින් සිල්වාට ලැබුණු නියෝගය ගැන දැන් ලැබුණු පුවත මෙන්න

761
මර්වින් සිල්වා ගැන දැන් ලැබුණු පුවතක් තමයි මේ කියන්න හදන්නේ…
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ තවත් දෙදෙනෙකු මාර්තු 17වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

කැලණිය ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් කූඨ ලේඛන සකස්කර අලෙවිකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (05) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවා.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මහජන සබඳතා පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාල වකවානුවේදී කැලණිය ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක් කූඨ ලේඛණ සකසා අලෙවි කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව විමර්ශන ක්‍රියාත්මක කළා.

ඒ අනුව එම සිද්ධියට අදාළව හිටපු අමාත්‍යවරයා පැලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ රාත්‍රි 8.30ට පමණයි.

එලෙස අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා ප්‍රශ්න කිරීම් සඳහා ඊයේ රාත්‍රියේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන එනු ලැබුවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *