BREAKING NEWS
Search

උප්පැන්නයක් ගන්න ඇවිත් ප්‍රමාද වූ නිසා යකා නටලා

813

හම්බන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට උප්පැන්න සහතිකයක් ගැනිමට පැමිණි පුද්ගලයකු එය ලබා ගැනීමට ප්‍රමාදවිම හේතුවෙන් එම කාර්යාලයේ නිළධාරීන්ට බැණ වැදී කාර්යාලයේ දේපල කිහිපකට අලාභ හානී සිදුකර ඇතැයි පොලිසිය කියයි.

හම්බන්තොට ගොන්නොරුව 5 කණුව ප්‍රදේශයෙ පදිංචි 50 හැවිරිදි මෙම පුද්ගලයා ඉකුත් 4 දා හම්බන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට පැමිණ සිය පියාගේ උප්පැන්න සහතිකයේ පිටපතක් ඉල්ලා සිට ඇත.

එයට අදාළ ලේකන පුරවා භාරදිමෙන් පසුව එය ලබාදීමට ප්‍රමාද  වුණැයි මෙම පුද්ගලයා කාර්යාලයේ කිහිප දෙනකුගෙන් විමසීම් කර ඇති අතර නිසි ප්‍රතිචාර නොදැක්වීම හා ප්‍රමාදය තවදුරටත් සිදුවන හෙයින් කාර්යාලය තුළට ගොස් පුටුවක් ගෙන මේසයට හා වීදුරු ජනෙල්වලට පහරදී ඇත. කාර්යාලයේ උපකරණවලට අලාභ හානි සිදුව තිබේ.

සිද්ධිය සම්බන්දයෙන් හම්බන්තොට පොලිසියට කළ දැනුම් දිමක් මත අදාළ පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *