BREAKING NEWS
Search

මර්වින් සිල්වාගේ බිරිඳ සැමියාට වුණු දේ මාධ්‍යට කියයි

38

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඊයේ (05) රාත්‍රියේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු මහජන සබදතා පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාල වකවානුවේ දී කැළණිය ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක් කූඨ ලේඛන සකසා අලෙවි කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුවයි ඊයේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳගෙන් කළ විමසීමේ දී ඇය මෙසේ සඳහන් කළා,

”මම දන්නෑ ඇත්තටම හරියට මොකක්ද කේස් එක කියලා. මේ 2015 වෙච්ච සිද්ධියක්නේ. මමත් මේක ඇත්තටම දන්නේ නැහැ හරියට මොකක්ද කියලා. මොකක්ද මේ ඉඩම්, කඩ කාමර වර්ග කේස් එකක් කියලා. මමත් හරියටම ඇත්තටම දන්නේ නැහැ.

අපි දෙන්නම හිටියා මෙතන. ඇවිල්ලා එක්කන් ගියා. මං හිතන්නේ 8.30ට 09ට වගේ අවේ. හතර දෙනෙක්ද කොහෙද ආවේ. ඒගොල්ලන්ගේ ID එක පෙන්නුවා. ඊට පස්සේ චෝදනාව කිව්වා, මොකක්ද කියන එක. ඊට පස්සේ එක්කගෙන ගියා. අද මහර අධිකරණයට ඉදිරිපත් කරනවා කිව්වා.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *