වෙළෙඳපොළේ සුදු පොල්තෙල් ලෙස අලෙවියට ඇත්තේ විදෙස් රටවල්වල හෝටල් තුළ ආහාර බැදීමෙන් පසු ඉවත් කරන තෙල් බව රුහුණු විශ්වවිද්‍යාලයේ ආහාර හා තාක්ෂණ පීඨයේ මහාචාර්ය නිලන්ත ලියනගේ පවසනවා.
ඔහු චෝදනා කරන්නේ ඒ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් දැනුවත් කළද කිසිඳු ඵලයක් නොමැති බවයි.
කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දීපාල් රොෂාන් කුමාර විතානච්චි වෙඩි තබා ඝාතනය කර වසරක් සපිරීම නිමිත්තෙන් ගාල්ල දිස්තික් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය විසින් ගුණානුස්මරණ උත්සවයක් සංවිධාන කර තිබුණා.
එහිදී අදහස් දක්වමිනුයි මහාචාර්යවරයා මෙසේ සඳහන් කර ඇත්තේ.
වස විසෙන් තොර ආහාර තෝරා ගැනීම පිළිබඳව ප්‍රදර්ශනයක්ද එයට සමගාමීව සංවිධාන කර තිබුණා.
මේ අතර කුඩා දරුවන්ට, ගර්භණී මව්වරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට ලබාදෙන ත්‍රිපෝෂවල පිළිකාකාරක ඇෆ්ලටොක්සින් අඩංගු බවට ගෙවුණු කාළ සීමාවේ දැඩි ආන්දෝලනයක් ඇති වූ අතර ඒ සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වුණා.

















