BREAKING NEWS
Search

ඩේසි ආච්චි අත්අඩංගුවට

385

මුදල් විශුද්ධිකරණ චෝදනාවලට ප්‍රකාශයක් දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පැමිණි යෝෂිත රාජපක්ෂගේ මිත්තණියක වන ඩේසි ෆොරස්ට් (ඩේසි ආච්චි) එම දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඇය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය බව ද සදහන් කරයි.

වෙනත් පුවත්

සංස්ථාව සහ පිරවුම්හල් හිමියන් තාවකාලික එකඟත්වයකට; සති දෙකක් අලුත් සමීකරණයෙන් යයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් හඳුන්වා දුන් නව ඉන්ධන වට්ටම් සමීකරණය ඉදිරි සති දෙක තුල ක්‍රියාත්මක කිරීමට එකඟතාව පල කළ බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

මාර්තු 01 වනදා සිට ඔවුන්ට ලබා දී තිබූ 3% ක වට්ටම අහෝසි කර නව ඉන්ධන වට්ටම් සමීකරණයක් ක්‍රියාත්මක කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කිරීමත් සමඟ ඊට විරෝධය පා, තෙල් ඇණවුම් කිරීමෙන් වැළකී සිටීමට ඔවුන් තීරණය කළා.

මෙම තත්ත්වය මත පසුගිය සිකුරාදා පිරවුම්හල් අසල දැඩි පෝලිම් පැවති අතර ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන නොමැති බවටද පුවරු ප්‍රදර්ශනය කර තිබුණා.

කෙසේ වෙතත් එම තීරණය තාවකාලිකව අත්හිටුවීමට පිරවුම්හල් හිමියන් ඊයේ තීරණය කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා විසින් ඔවුන් සාකච්ඡාවකට කැඳවා තිබීම හේතුවෙන්.

ඒ අනුව දෙපාර්ශවය අතර සාකච්ඡාවක් දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේදී අද පැවැත්වුණා.

මේ වන විට රට පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන අතර ඉන්ධන පිරවුම් හල් අසල පෝලිම් ද දක්නට ලැබුණේ නැහැ.

මේ අතර, රට පුරා ඉන්ධන බෙදාහැරීම අඩපණ කර රජය අපහසුතාවට පත් කිරීමට කණ්ඩායමක් උත්සාහ කරන බවට සිවිල් සංවිධාන කළ පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එවන් පසුබිමකයි ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උපසභාපති කුසුම් සදනායක සහ එම සංගමයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික ශාන්ත සිල්වා ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වෙත කැඳවා තිබූණා.

මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ද ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ ගැටලුව සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එසේම, ඊයේ පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර විසින් දේශපාලන සම්බන්ධකම් මත ලබාදුන් ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, හර්ෂණ රාජකරුණ සහ කිංස් නෙල්සන් ප්‍රතිචාර දක්වා සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *