ඒ සම්බන්ධයෙන් යම් සංශෝධනයක් කර ගැනීමට අවශ්‍ය නම් ලබන 10 වැනි දා ට පෙර Online ඔස්සේ එම පහසුකම සලසා ඇති බව ද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පැවසුවා…
WWW.DONETS.LK වෙබ් අඩවියට පිවිසීමෙන් එම පහසුකම් ලබා ගත හැකියි….
මේ අතර විභාග කොමසාරිස් ජෙනරාල්වරයා විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දෙන්නේ, සිසුන්ගේ විභාග ප්‍රවේශපත් හැකි ඉක්මනින් ඔවුන් වෙත ලබා දෙන ලෙසයි…
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 474,147 ක්…
මධ්‍යස්ථාන 3663කදී ලබන 17 වැනි දා සිට 26 වැනි දා දක්වා විභාගය පැවැත්වෙනවා..


















