ඉදිරියේදී වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (04) පාර්ලිමේන්තුවේදීයි.
ඒ අනුව, මූලික වැටුප, අමතර රාජකාරී දීමනාව, නිවාඩු දින දීමනා, වාර්ෂික වැටුප් වර්ධකය මෙන්ම උපයන විට බද්ද (Paye Tax) සඳහා ඔවුන්ට සහනයක් ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
එසේම වෛද්‍යවරුන් සඳහා වැටුප් වැඩි වෙන ආකාරය ඔහු මෙසේ සඳහන් කළා,


















