BREAKING NEWS
Search

15% බද්ද ගැන විශේෂ පැහැදිලි කිරීමක්

101

සේවා අපනයනකරුවන්ට පනවන බදු සඳහා විශේෂ වාසියක් ලබාදී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසුවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (04) පාර්ලිමේන්තුවේදීයි.

සේවා අපනයනකරුවන් මුදල් ඉපයීමේදී පළමු 150,000 නිදහස්වන අතර, දෙවන 83,000ට සියයට 6ක් ද, ඉතුරු ශේෂයටම සියයට 15ක් පමණක් ගෙවීමට සිදුවන බවයි ඔහු සඳහන් කළේ.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසුවා,

”ඒ වාසිය ලබාගන්න එයා ඔප්පු කරන්න ඕනේ එයා ස්වයංව තමන්ගේ බදු තක්සේරු ඉදිරිපත් කරනකොට තමුන් මේක සේවා අපනයනය කරලා ලබාගත්ත එකක්. ඒ නිසා තමයි බැංකු හරහා ඉදිරිපත් කරන්න ඕනේ කිව්වේ. මේ වගේ දේවල්වලට මුවාවෙලා සමහර විට බදු ගෙවන්න ඕනේ අය නොගෙවා ඉන්න පුළුවන්. එහෙම නැතුව අසාධාරණ බද්දක් පනවලා නෑ. සාධාරණ බවේ මූලධර්ම රැකීම පදනම් කරගෙන සහ ජාත්‍යන්තරව ගොඩනැගෙන මේ ගනුදෙනු හරහා ලෝකයත් එක්ක ගැටගැහිලා යන නව ප්‍රවනතාවයක් එක්ක මේ කටයුත්ත කළේ. එහෙම නැතුව කිසිම ආකාරයක අසාධාරණ බදු පැනවීමක් කරලා නෑ.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *