අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලි මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනප්‍රිය රංගන ශිල්පි රංජන් රාමනායක මහතා සහභාගීව තිබුණා.
එම අවස්ථාවේ සේයා රූ කිහිපයක් ද මුහුණුපොතට එකතු කරමින් ඔහු, ඇය සමඟ රංගනයෙන් දායක වුණු නිර්මාණයන්හි මතකය ද ආවර්ජනය කර තිබීම විශේෂ ය.
”චාරුලතා,වන්ශොට්, මා සමග එකට රගපෑ ආදරනීය සුසන්තා චන්ද්‍රමාලි සොයුරිය ඔබට නිවන් සුව..”
සුසන්තා චන්ද්‍රමාලි මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (03) සිදුකිරීමට නියමිතයි.




















