BREAKING NEWS
Search

මේ තරම් නොසැලකිල්ලක් – සිසුන් 12 ක් රෝහලට යැවූ අබලන් වෑන් රථය

982

පාසල් ළමයින් ප්‍රවාහනය කළ වැන් රියක් එරත්න ලස්සකන්ද  වංගුව ප්‍රදේශයේදි අද (03)  අනතුරකට ලක්වීමෙන් දොළොස් දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවත් කුරුවිට පොලිසිය පැවසුවේය.

ප්‍රදේශවාසීන් යුහුසුලුව තුවාලකරුවන් එරත්න ප්‍රාදේශීය රෝහලට ඇතුලුකර ඇත. ඉන් දෙදෙනෙක් වහාම රත්නපුර මහ රෝහලට මාරුකර යවා තිබේ.

තවත් දෙදෙනෙකු රත්නපුර මහ රෝහලට යැවීමට අවශ්‍ය වුවත් වෙනත් රෝහලකින් ගිලන් රථයක් ගෙන්වා ගැනීමට කටයුතු කරනු ලැබීය.

තුවාල ලබා ඇති දරුවන්ගේ දෙපාවලට හානි සිදුව ඇති බව රෝහල ප්‍රකාශකයෙක් පැවසුවේය. අනතුර සිදුව ඇත්තේ අද (03)  උදෑසන හයට පමණ බව ප්‍රදේශවාසීහූ කීහ. බෝටියාගල, විතාරම්පංගුව, ලස්සකන්ද ආදි ප්‍රදේශවල සිට පාසල් දරුවන් රැගෙන මෙම වෑන් රථය පැමිණ ඇත. වැන් රථය ධාවනයට නුසුදුසු තත්ත්වයක් පෙනෙනන්නට ඇති බව ප්‍රදේශවාසීහු කීහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *