BREAKING NEWS
Search

කාන්තාවක් පැදවූ මෝටර් රථයක් දුම්රියේ ගැටී බිහිසුණු අනතුරක් – වීඩියෝව මෙන්න

957
මේ කියන්න හදන්නේ දුම්රිය අනතුරක් ගැන ඇසෙන හද සසල කරවන පුවතක් ගැනයි…

මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් අද (01) දහවල් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරෙන් කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි වැලිගම පොලිසිය සඳහන් කළේ.

වැලිගම, හෙට්ටිවීදිය, දෙවන පටුමග පිහිටි දුම්රිය හරස් මාර්ගයේ දී අනතුර සිදුව තිබෙනවා.

වවුනියාවේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ දුම්රියේ මෙම මෝටර් රථය ගැටී තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

මවක් සිය දියණිය අමතර පංතියකට රැගෙන යාම සඳහා මෝටර් රථයෙන් වැලිගම නගරයට ගමන් කරමින් සිට තිබෙන අතර එහිදී මෙම අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ.

මෝටර් රථය පැදවූ මව සහ ඇගේ දියණිය තුවාල ලබා මාතර මහ රෝලට ඇතුළත් කර තිබෙනවා.

වැලිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *