BREAKING NEWS
Search

බස් රථයක් සහ ලොරියක් ගැටී බිහිසුණු රිය අනතුරක් – 33ක් රෝහලට

988

ත්‍රිකුණාමලේ මුතූර් ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් 33ක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

බස් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මූතූර් හිදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

තුවාල ලැබූ 33 දෙනා අතර කාන්තාවන් 18ක් සිටින බව පොලිසිය පැවසුවා.

මිනුවන්ගොඩ සිට සේරුවාවිල ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක් වැදපුදා ගැනීම සඳහා වන්දනාකරුවන් රැගෙන ගිය බස්රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *