BREAKING NEWS
Search

ජනාධිපති රට ගියේ භාගෙ ටිකට් අරං ද ?

141

අනුර කුමාර ජනාධිපතිතුමා රට ගියේ බාගේ ටිකට් අරගෙන දැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක  මහතා පාර්ලිමේන්තුවේදීී පැවසීය.

ජනාදිපතිතුමාට රටවල් තුනකට යන්න වියදම් වුනේ මිලියන  1.8ක්  බව කියනවා.බාගෙ ටිකට්ද දන්නෙ නෑ ගත්තේ.එකොළොස් දෙනෙක් එහෙම ගියේ කොහොමද?එච්චර  ලාභ නම් විපක්ෂයේ ඔක්කොම එකතුවෙලා ඒ රටවල් තුනට ගිහින් එමු. මරුනේ.යැයි මන්ත්‍රීවරයා පැවසීය.

වෙනත් පුවත්

හරිත බලශක්ති කඩිනම් කිරීමේ සැලැස්ම එළිදැක්වේ

බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන පස් වසරක  පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්ම “හරිත බලශක්ති කඩිනම් කිරීමේ සැලැස්ම 2025-2030” එළිදැක්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ  ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම සැලැස්මේ පුනර්ජනනීය බලශක්ති  ක්‍රම හා ඩිජිටල් ක්‍රමෝපායන් හඳුනා ගැනීම, ඒවා කාර්යක්ෂම හා පරිසර හිතකාමී ලෙස භාවිතය, එම බලශක්ති ක්‍රම රටේ ආර්ථික ශක්තිය ඉහළ නංවාගන්නා ආකාරය පිළිබඳව කරුණු ඇතුළත් වේ.

අනාගතේ අපේ රට තුළ ශක්ති පරිවර්තනයක් සිදු කර  ශ්‍රී ලංකාව තිරසර බලශක්ති භාවිතය වෙත රැගෙන යන්න මූලිකත්වය ගෙන කටයුතු කරන්න  ලංකා විදුලි බලමණ්ඩලයත්, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්තිය අධිකාරියත් දායක වු බවත්

බලශක්තිය අමාත්‍යාංශය වසර පහක් සඳහා වටිනා ක්‍රියාකාරී සැලැස්ම “හරිත බලශක්ති කඩිනම් කිරීමේ සැලැස්ම 2025-2030”  ඉදිරිපත් කිරීම ගැන සතුටට පත්වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

මෙම අවස්ථාවට බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි , නියෝජ්‍ය අමාත්‍යවරු වන එරංග වීරරත්න, ජනිත් රුවන් කොඩිතුවක්කු බලශක්තිය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල , විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *