සමාජමාධ්‍යවල අද වෙනකොට මේ වීඩියෝව නොදැකපු කෙනෙක් නැතුව ඇති.. ඒත් මේ කතාව ගැන හරිහැටි නොදන්නා කී දෙනෙක් නම් ඇයට එක එක දේවල් සමාජමාධ්‍ය පිටු අතර පළ කරන්න වෙහෙසෙනවා ඇතිද…?
වලස්මුල්ල – දයාරත්න පාර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක් ගෙළ වැළලාගෙන.. එ සිද්ධිය ගැන මුලින්ම අහන්න ලැබුණේ අන්න එහෙමයි.. ඇය නමින් ඉමාෂි හෙට්ටිආරච්චි, සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනා කතා කරන චරිතයක් වූ මේ රුවැත්තියගේ මරණය ගැන සමාජ මාධ්‍ය තුළ විවිධ කතා පළ වෙන්නේ ඇය ටික් ටොක් හරහා බොහෝ දෙනෙක්ගේ ආකර්ශනය දිනාගත් තරුණියක් වූ නිසායි…
ඉමාෂි කියන්නේ ගොඩක් සතුටින් කාලය ගත කළ යෞවනියක් කියන එක ඇගේ සමාජ මාධ්‍ය දුටු හැම කෙනෙක්ම විශ්වාස කරන දෙයක්.. ඒත් ඇය ලෝකයට පෙන්වූ ඒ සතුට ඇතුළේ අපි නොදන්නවා වුණාට විශාල පීඩකයක් තියෙන්නට පුළුවන්.. ඒ වග දැන සිටියේ ඇයයි..
ඇය පදිංචිව සිටි නිවසේ මිදුලෙහි ගසක ගෙළවැළලාගෙන මෙලෙස සියදිවි හානිකරගත් ඉමාෂි මේ වගේ තීරණයක් අරගෙන තිබුණේ ප්‍රේමසබදතාවක් මුල් කරගෙන ඇතිවූ සිද්ධියක් නිසා බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ..
ඒ නිසා අපි කාට හෝ පිටින් මේ සිද්ධිය ගැන දිර්ඝව කතා කරන්න බැහැ.. නමුත් ඇය මේ වගේ තීරණයටකට යන්න කලින් ඇයව වලක්වා ගන්න ඒ වටා හිටිය පිරිසට පුළුවන් වුණා නම්, අපි හැම කෙනෙක්ම සිතිය යුත්තේ අන්න ඒ ගැනයි.. තවත් අපේ සමාජයේ සැඟවුණු ඉමාෂිලා ඇති.. ඔවුන් ගැන අවදානයෙන් ඉන්න පුළුවන් ළඟම සිටින අයට පමණයි.. මේ කතාවෙන් නැවත නැවතත් සිහිපත් කළ යුත්තේ එපමණයි..
ප්‍රශ්න නොපෙන්වා හිනාවෙන මිනිසුන්ගේ හිත්වලට එබෙන්න කාට හරි පුළුවන් වුණා නම්, ඒ විශ්වාසය ඇති වන තැන් අපේ සමාජය තුළ පැවතුනා නම් අද මේ කතාව මෙහෙම අවසන් වෙන එකක් නැහැ.. ඉතින් ඇගේ මේ සමුගැනීම බොහෝ දෙනෙක්ට නැවත නැවතත් යමක් මතක් කරනවා.. ඒ ඔබේ ආදරණියන් ගැන හොඳ සැලකිල්ලෙන් පසුවෙන්න කියන එක.. ඉතින් ඇයට අපිත් නිවන්සුව ප්‍රාර්ථනා කරමු..
























