BREAKING NEWS
Search

අතුරුදහන් වූ ඉෂාරා සෙව්වන්දි ගැන අලුත් අනාවරණයක්..

2893
ඇය  ගැන තවමත් කිසිඳු හෝඩුවාවක් සොයාගන්න ලැබුණේ නැහැ..

මේ කියන්න යන්නේ ගනේමුල්ල සංජීවගේ ඝාතනය සිද්ධියේ මහමොලකාරිය ලෙස හැඳින්වූ ඇය ගැන කතාවක්..

ගනේමුල්ල සංජීවගේ ඝාතනයෙන් පසු මේ වන විට අතුරුදන් කාන්තාව වෙඩි තැබීම සිදු වූ දිනට පෙර කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ වෙළෙඳසැලකින් සිම්පතක් මිලදී ගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා..

මෙම කාන්තාව සහ වෙඩික්කරු වෙඩි තැබීම සිදු කළ පසුගිය 19 වැනිදාට පෙර දිනයේදී ලැගුම්ගෙන සිට ඇත්තේ වැලිවිට ප්‍රදේශයේ හෝටලයක් තුළයි..

එහි සිටියදී වෙළෙඳසැල වෙත පැමිණි කාන්තාව ඇගේ නමට මෙම සිම්පත මිලදී ගෙන ඇති බවටයි වාර්තා වන්නේ..

ඒ අනුව අපරාධය සිදු කිරීම සඳහා සන්නිවේදන කටයුතු සිදු කිරීම සදහා මෙම සිම්පත උපයෝගි කරගන්නට ඇති බවට සැකකරන පොලිසිය, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා..

පද්මේගේ මිතුරාට වෙඩි තැබූ වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය හමුවෙයි..

මිනුවන්ගොඩ – පත්දඬුවන ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධියට සැකකරුවන් පැමිණි යතුරුපැදිය ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සොයා ගෙන තිබෙනවා..

ඒ මිනුවන්ගොඩ – යටියන ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක් අසළ සඟවා තිබියදීයි..

එම යතුරු පැදියේ හිමිකාර කාන්තාව සහ එම යතුරු පැදිය වෙඩික්කරුවන්ට ලබාදුන් පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා..

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර ජගත් රෝහණගේ උපදෙස් මත විමර්ශන සිදු කළ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ඩිලාන් රාජපක්ෂ ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම යතුරු පැදිය සොයා ගනු ලැබුවේ ඊයේ රාත්‍රී කාලයේදීයි..

කෙහෙල්බද්දර පද්මේ යටතේ මුදල් හුවමාරු කළ ලහිරු රන්දීර් කාංචන නැමැත්තාට මිනුවන්ගොඩ – පත්දඬුවන මංසන්ධියේ ත්‍රීරෝද රථ නැවතුම්පොළෙහි සිටින අවස්ථාවේදී මෙලෙස වෙඩි තබා තිබුණේ පෙරේදා දිනයේදීයි..

36 හැවිරිදි මොහු කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ පාසල් මිතුරෙක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව ඝාතනය සිද්ධිය මෙහෙයවා ඇත්තේ කෙහෙල් බද්දර පද්මේ විසින් බවටයි මේ වන විට හෙළි වී ඇත්තේ…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *