BREAKING NEWS
Search

මරණයෙන් කෙළවර වූ ගෙවල් කුලිය

294

ගෙවල් කුලී මුදල් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේදී මිය ගොස් ඇති බව ග්‍රෑන්ඩ් පාස් පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ගෑන්ඩ් පාස් කම්බි කොටුව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.

මරණකරු විසින් අඹුසැමි යුවළකට  තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කර ඇති අතර ඉන් පසු පිරිමි පුද්ගලයා විසින් මරණකරු අත තිබූ තියුණු ආයුධය උදුරා ගෙන මරණකරුට එම තියුණු ආයුධයෙන්ම පහර දී ඇති බවටත් දැනට සිදුකරන ලද විමර්ශණයේදී අනාවරණය වී ඇත.‍ෙ

සැකකරු හා ඔහුගේ බිරිඳ සිද්ධියෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබන අතර ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *