BREAKING NEWS
Search

19 හැවිරිදි  තරුණියකට තමන්ගේ නිවස තුලදීම අත් වූ අවාසනාවන්ත ඉරණම

887

පුත්තලම කල්අඩිය ප්‍රදේශයෙ 19 හැවිරිදි  තරුණියක් හදිසියෙම නිවස තුළදී සිහිසුන් නොමැතිව සිටියදී මව්පියන් විසින් අද( 26)  රෝහලට රැගෙන යද්දී තරුණිය මරණයට පත්ව සිටි බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම කල්අඩිය පදිංචි ඩි.එච්.චමුදි විදර්ශන   නැමති  තරුණියකි.

මව පියා හා එක් සොහොයුරීයක් පමණක් සිටින පවුලක වැඩිමහල් දියණීයක් බව කියයි. ඇය අපොස උසස් පෙළ පුත්තලම ආනන්ද ජාතික පාසලින් හදාරා ඇති බව කියයි.

මරණයට පත් තරුණීය අපොස උසස් පෙළ හැදැරිමේන් පසු කුරුණෑගල උසස් අධ්‍යාපනය ඩිප්ලෝමාවක් හදාරමින් සිටි තරුණියක් බව කියයි.

සතියෙ දින පහම කුරුණෑගල නගරයෙ පැවති උසස් අධ්‍යාපන පාඨමාලාවට සම්බන්ධ වන බවත් ඊයේ (25) දින සවස නිවසට පැමිනිමේන් පසු පියා විසින් රැගෙන විත් තිබු එළවළු රොටියක් පමනක් ආහාරයට ගෙන රාත්‍රි ආහාර ගැනිමට නොහැකි බව  පවසමින් නින්දට ගොස් ඇති බව කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *