BREAKING NEWS
Search

කෙහෙල් බද්දර පත්මේගේ පාසල් මිතුරාට වෙඩි තැබීමේ සිද්ධිය ගැන තවත් තොරතුරු මෙන්න

1039

මිනුවන්ගොඩ  පත්තඩුවන ත්‍රීරෝද රථ ගාලක් අසලදී ත්‍රීරෝද රථ රියදුරකට නාඳුනන පුද්ගලයකු අද (26) වෙඩි තබා ඇතැයි මිනුවන්ගොඩ  ‍පොලිසිය කියයි

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ මිනුවන්ගොඩ ,පත්තඩුවන පදිංචි කොටගම මුදියන්සේලාගේ ලහිරු රන්දීර් කාංචන නමැති 38 හැවිරිදි  ත්‍රීරෝද රථ රියදුරෙකි

වෙඩි වැදුණු පුද්ගලයා පාතාලයෙකු වූ ගනේමුල්ල සංජීව නැමැත්තාගේ ඝාතනය ඉතාලියේ සිට සැලසුම් කළ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල් බද්දර පත්මේ නැමැත්තාගේ පාසල් මිතුරෙකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි

තුවාල ලද පුද්ගලයා අනෙකුත් ත්‍රීරෝද රථ රියදුරන් සමග කතාබස් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකුගෙන් පසු පැදිකරු කුඩා ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතිි බවත් පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත


(ඡායාරූපය: බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 





Leave a Reply

Your email address will not be published. Required fields are marked *