BREAKING NEWS
Search

ඔවුන් රියැදුරා සමඟ සුහදව කතාබහ කරලා.. කොමාන්ඩෝ සමිඳු සහ ඉෂාරා ගැන කුලී රථ රියැදුරාගෙන් වෙනස්ම හෙළිදරව්වක්..

1704
සැකකාර කාන්තාව ඉෂාරා සෙව්වන්දි, ඇය ගැන සමාජය දිගින් දිගටම කතා වෙනවා..

ඒ මේ මහා අපරාධයේ මහමොලකාරියක් ල්‍රෙඩ මේ වන විට ඇයව හඳුනාගැනීමත් සමඟයි..

කෙසේ හෝ මේ වන විට ඉෂාරා සහ මේවන විට අත්අඩංගුවට ගෙන සිටින ඝාතනයේ වෙඩික්කරු වන කමාන්ඩෝ සමිඳු පසුගිය 18 වැනිදා දිවුලපිටිය ලැගුම්හලක සිට මිනුවගොඩ දූනගහ ප්‍රදේශයට ගොස් රාජ්‍ය බැංකුවකින් රුපියල් 50,000 මුදලක් ලබා ගෙන ඇති අතර අනතුරුව කුලී රථ යෙදවුමක් හරහා වාහනයක් වෙන් කරවාගෙන සැකකාර ඉෂාරා සෙව්වන්දි ද සමග ද සමග කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ ලැගුම්හලක් වෙත පැමිණ ඇති බවයි සී.සී.ටී.වි කැමරා දර්ශන ඔස්සේ කරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ..

එම කුලී රථ හිමිකරු පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර ඔහුගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා..

රියැදුරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ සැකකාර කාන්තාව බැංකුවට ගිය අවස්ථාවේ වෙඩික්කරු ලෙස කටයුතු කළ කමාන්ඩෝ සමිඳු රථයේ සිට ඇති අතර ඔහු තමාට දුම්වැටියක්ද ලබා දුන් බවයි..

ඉෂාරා සෙව්වන්දි සහ කමාන්ඩෝ සමිඳු එම කුලී රථ රියැදුරු සමග සුහදව කතාබස් කර ඇති අතර ඉෂාරා සෙව්වන්දිගේ මිතුරියකගේ විවාහ මංගල්‍යයකට සහභාගී වීම සඳහා කඩුවෙලට යන බවයි ඔවුන් පවසා තිබෙන්නේ..

එමෙන්ම මෙම ඝාතනය මෙහෙයවූ අපරාධ කල්ලි නායක කෙසෙල්බද්දර පද්මේ ගනේමුල්ලේ සංජීව ඝාතනයෙන් පසුව දැනට අත් අඩංගුවේ සිටින ඉෂාරා සෙව්වන්දිගේ සොහොයුරාගේ ගිණුමකට රුපියල් ලක්ෂයක මුදලක් බැර කර ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය කරුණු අනාවරණය කර ගෙන තිබෙනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *