BREAKING NEWS
Search

කාන්තා යට ඇදුම් නිසා රණ්ඩුවක්… පොලිසියත් කැදවලා…

512
කාන්තා යට ඇඳුම් සල්පිලක දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් එම සල්පිල නවතා දැමීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
කාන්තා යට ඇදුම් සඳහා සියයට හැත්තෑ පහක වට්ටම් මුදලක් ලබා දෙමින් මෙම සල්පිල සංවිධානය කර තිබු බව සදහන්.

මෙම සල්පිල හේතුවෙන් විශාල පෝලිමක් නිර්මාණය වී ඇති අතර සල්පිල පැවතිද්දී බාහිර පාර්ශවයක් පැමිණ තොග වශයෙන් එම යට ඇඳුම් මිලදී ගැනීමට උත්සාහ කිරීමේදී ඊට කාන්තාවන් දැඩි ලෙස විරෝධය පළ කර ඇති බව සඳහන්.

මේ හේතුවෙන් දෙපිරිස අතර ගැටුම පාලනය කිරීමට පොලිසිය කැඳවා තිබු බවයි සඳහන් වන්නේ.

අවසානයේ තත්ත්වය පාලනය කිරීම සඳහා සල්පිල නවතා දැමීමට කටයුතු කර තිබෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *