මිනුවන්ගොඩ වෙඩි තැබීමේ තොරතුරු රැසක් හෙළිවෙයි.. වීඩියෝව මෙන්න

1286
මේ සිද්ධිය නිසා අද උදෑසනත් ප්‍රදේශයක් බියෙන් ඇලලී ගියා..

අද උදෑසන 11ට පමණ මිනුවන්ගොඩ පත්දඬුවන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ, පත්දඬුවන ප්‍රදේශයේ පදිංචි කොටගම මුදියාන්සේලාගේ ලහිරු රන්දිර් කාංචන නමැති පුද්ගලයෙක්…

මෙසේ තුවාල ලබා ඇත්තේ, 36 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙක්…

ඔහු ත්‍රීරෝද රථය තුළ සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසිනුයි මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබෙන්නේ…

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහල වෙත මාරකර යවා තිබුණා…

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිනුවන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *