BREAKING NEWS
Search

පාසල් සිසුවියක් ඇතුළු තිදෙනෙක් රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර

138

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පදවිය යාය 06 ප්‍රදේශයේදී අද (25) සිදුවූ අනතුරකින් පාසැල් සිසුවියක හා තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ බව පොලිසිය පවසනවා.

වැලිඹය පරාක්‍රමපුර මාර්ගයේ යාය 06 ප්‍රදේශයේ වංගුව සහිත ස්ථානයකදී පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් හා ඇගළුම් සේවකයින් ප්‍රවාහනය කළ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.

අනතුරටපත් පාසල් බස් රථය මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් තිබෙනවා.

සිදුව ඇති මෙම අනතුරින් පාසල් බස් රථයේ ගමන් ගත් පාසල් සිසුවියක තුවාල ලබා ඇති අතර, ඇය ප්‍රතිකාර සඳහා පදවිය රෝහලට ඇතුළත් කර තිබුණා.

පාසල් බස් රථයේ සහයකවරයා ද, ඇඟලුම් සේවකයින් රැගත් බස් රථයේ රියදුරා ද, මෙම අනතුරින් තුවාල ලබා ඇති අතර, තුවාල ලැබූ ඔවුන් ප්‍රතිකාර සදහා සම්පත්නුවර රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය පවසනවා.

අනතුරට පත් බස් රථ දෙකට ද සැලකිය යුතු හානි සිදුව තිබෙනවා.

මෙම බස් රථ අනතුර සම්බන්ධයෙන් පදවිය පොලිස් රථවාහන අංශය මඟින් වැඩිදුර විමර්ශණ සිදුකරනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *