BREAKING NEWS
Search

කන්දකාඩුවෙන් හතරක් පැන ගිහින්

118

පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශනය ලබමින් සිටි රැඳවියන් සිව්දෙනකු  අද(25) අලුයම, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

පලා ගොස් ඇති රැඳවියන් ගාල්ල පෝද්දල, අක්මීන, මුලතිව්, යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 29 ත් 34 යන වයස්වල පසුවන්නන් බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

පැනගොස් සිටින සිව්දෙනාම විවාහක පුද්ගලයන් වන අතර ඔවුන්, අත්අඩංගුවට ගැනීම සඳහා යුද හමුදාව පොලිසිය එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත්, පොලිස් ස්ථාන කිහිපයකට ඒ පිළිබඳ පණිවිඩ ලබාදී ඇති බවත් වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.පී.ජේ. කුමාරසිංහ මහතා අප කළ විමසීමකදී පැවසීය.

ඔවුන් පලායාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මීට පෙර අවස්ථා කිහිපයකදීම රැඳවියන්, ආහාර ප්‍රශ්න හා පහසුකම් ප්‍රමාණවත් නොවන බවට පවසා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සෙබළුන් සමග ගැටුම් ඇති කරගෙන පලා  ගිය අවස්ථා කීපයක්ම වාර්තා විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *