BREAKING NEWS
Search

සෙව්වන්දිගේ අලුත්ම වෙස් පෙරලිය

667
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ මහ මොළකරු ලෙස සැළකෙන, නීතිඥවරියක් ලෙස වෙස්වළාගෙන පැමිණි නමැති කාන්තාව සිය ස්වරූපය වෙනස් කර ගෙන රටින් පළා යෑමට උත්සාහයක් පවතින බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබෙනවා.
කෙසේ වෙතත් ඇය මෙම ප්‍රහාරය සැලසුම් කරමින් සිටින බවට කල් තියා බුද්ධි වාර්තා නිකුත්ව තිබියදීත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියා.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන මොළකරු ලෙස පොලිසිය හඳුනාගෙන ඇත්තේ, මීගමුව, කටුවැල්ලේගම,ජය මාවත ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාවයි.

පසුගිය බදාදා අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය තුළදී ගනේමුල්ලේ සංජීව ඝාතනය සඳහා පැමිණි වෙඩික්කරුට අධිකරණය තුළට තුවක්කුව ගෙනැවිත් දී ඇත්තේ ද මෙම කාන්තාව වන අතර, එදින ඇය පැමිණ සිටියේ නීතිඥවරියක ලෙස වෙස් වළාගෙනයි.

ඝාතනය සිදු වූ දිනයේම වෙඩික්කරු අත්අඩංගුවට ගත් අතර, ඝාතනය සිදු වී මේ වනවිට දින 05ක් ගතව ඇතත් එහි මහ මොළකාරිය අත්අඩංගුවට ගැනීමට මෙතෙක් හැකි වී නැහැ.

කෙසේ වෙතත් ඇය සම්බන්ධ තොරතුරු රැසක් විමර්ශන නිලධාරීන් මේ වනවිට අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ අනුව සැකකාර කාන්තාව සැඟව සිටි බවට සැක කෙරෙන දෙහිවල ප්‍රදේශයේ ලැගුම්හලක් ඊයේ දිනයේ දී විශේෂ කාර්ය බළකාය සෝදිසියට ලක් කළේ, ඇය අත්අඩංගුවට ගැනීම සඳහායි.

එසේම මතුගම ප්‍රදේශයේ ද ඇය සැඟව සිටින බවට ලද තොරතුරක් මත ඊයේ රාත්‍රියේ සිටම එහි විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කෙරුණා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *