අබිරහස් ලෙස මිය ගිය චීන ජාතිකයෙකුගේ මළසිරුරක් කොළඹ සුඛෝපභෝගී හෝටලයක් තුළ තිබී සොයා ගෙන තිබෙනවා.
කොළඹ කොම්පඤ්ඤ වීදියෙහි පිහිටි සුඛෝපභෝගී හෝටලයක 22 වන මහලේ තිබී මෙම මළසිරුර හමු වූ බවයි පොලිසිය සඳහන් කළේ.
වෙනත් පුවත්
සමනල රක්ෂිතයේ ගින්න පාලනයට යුද හමුදාවේ සහාය
නල්ලතන්නිය, ලක්ෂපාන, වාලමලෙයි වතුයාය අසළ සමනල ස්භාවික රක්ෂිතයේ හටගෙන ඇති ගින්න පාලනය කිරිමට ලක්ෂපාන යුද හමුදා කදවුරේ භට පිරිස්, හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරින්, නල්ලතන්නිය පොලිසියේ නිලධාරින් ඇතුලු විශාල පිරිසක් යොදවා ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසනවා.
ඊයේ (23) පස්වරුවේ හටගත් ගින්න එම රක්ෂිතයේ කදු මුදුන දක්වාම පැතිර ගොස් තිබෙනවා.
ගිනි නිවිමේ කටයුතුවල නියැලි සිටින සෙසු පිරිස එක්ව රක්ෂිතය තුළ ගිනි පටි සකස් කිරිමට පියවර ගෙන ඇති බවයි හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරින් පවසන්නේ.
පැතිර යන ගින්න පාලනය කිරිමට ගුවන් හමුදාවේ සහය ලබා ගැනිම සම්බන්ධයෙන් සොයා බැලිමට රක්ෂිතය වෙත නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම්වරයා පැමිණ තිබෙනවා.
ඒ අනූව ගින්න පාලනය කිරිමට නොහැකි නම් ගින්න පාලනය කිරිමට ගුවන් හමුදා සහය ලබා ගන්නා බවයි ඔවුන් පවසන්නේ.
මේ වන විටත් ගින්නෙන් රක්ෂිතයේ අක්කර 10 ක පමණ භුමි ප්‍රමාණයක් විනාශ වි ඇති බවයි පැවසෙන්නේ.



















