BREAKING NEWS
Search

මාවුස්සාකැලේ ජලාශයේ නාඳුනන මළසිරුරක්

185

මවුස්සාකැලේ ජලාශයට ජලය සැපයෙන ගාඩ්මෝර් දිය ඇල්ල පාමුල මවුස්සාකැලේ ජලාශයේ තිබී හඳුනා නොගත් පිරිමි මළ සිරුරක් අද (24) පෙරවරුවේ සොයා ගත් බව මස්කෙළිය පොලිසිය පවසනවා.

මවුස්සාකැලේ ජලාශයේ මිරිදිය කර්මාන්තයේ යෙදෙන පිරිසක් විසින් මෙම මළ සිරුර මුලින්ම දැක පොලිසියට දන්වා තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 40ක පමණ පුද්ගලයෙක්.

මළසිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව‍යි වැඩිදුර පරීක්ෂණ පවත්වන මස්කෙළිය පොලිසිය පවසන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *