BREAKING NEWS
Search

මන්ත්‍රීන්ට නැවතත් පොලිස් ආරක්ෂාව

572

ඇමති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙකු බැගින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීමට පොලිස් මූලස්ථානය තීරණය කොට තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස කතානායකවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත කරන ලද දැනුම්දීම මතයි.

ආසන්න කාලවල සිදු වූ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සලකා බැලීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් පෞද්ගලිකව මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා ගැනීම හෝ නොගැනීම සම්බන්ධයෙන් තීරණය කළ හැකිය.

වර්තමාන රජය බලයට පැමිණීමෙන් පසු මන්ත්‍රීවරුන් සඳහා විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය නැතැයි පවසමින් ආරක්ෂක නිලධාරීන් සාමාන්‍ය රාජකාරි සදහා යොදව තිබිණ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *