BREAKING NEWS
Search

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට පොලිස් නිලධාරියෙකුත් අත්අඩංගුවට

2168

අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව නැමත්තාට වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ද සැක පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව අපරාධ අංශයේ උසාවි රාජකාරි කර ඇති බව කියන මෙම සැකකරු වයස අවුරුදු 25ක් වන පාදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.

මේ අතර අදාළ සැකකාර පොලිස් නිලධාරියා සිද්ධිය සම්බන්ධයෙන් දැනට සැඟව සිටින සැකකාරියක වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ යන අය සමග යම් හාද කමක් පවත්වා ඇති අතර ඇය සමග දුරකථනය ඔස්සේ සංවාදයක යෙදී ඇති බවට ද කරුණු අනාවරණය වී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *