BREAKING NEWS
Search

නීතිඥ වෙස්ගෙන පැමිණි වෙඩික්කරුවන් පොලිසියේ ඇස් වසා උසාවියෙන් පැන්න හැටි… රටම කැළඹූ වීඩියෝව මෙන්න

645
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන පුද්ගලයාව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී පුත්තලම පාලවිය ප්‍රදේශයේ දීයි අත්අඩංගුවට ගැනුණා.

එහිදී සැකකරු වෑන් රථයකින් පලා යමින් සිට ඇති අතර, මෙම සැකකරු යුද හමුදාවේ කමාන්ඩෝ බලකායේ හිටපු සෙබලෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

අද උදෑසන 10.00ට පමණ අලුත් කඩේ උසාවි සංකීර්ණයේ අංක 05 දරණ අධිකරණය තුලදී අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්න නැමැත්තා වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.

මෙහිදී අධිකරණ පරිශ්‍රය තුල නීතිඥ වෙසින් සිටි මෙම පුද්ගලයා විත්තිකරු විත්ති කූඩුවෙන් බැසීමට සූදානම් වන අවස්ථාවේදී එම ස්ථානයට පැමිණ වෙඩි ප්‍රහාරයන් කිහිපයක් එල්ල කිරීමෙන් අනතුරුව රිවෝල්වරයද එම ස්ථානයේ අතහැර දමා විත්ති කූඩුව ආසන්න දොරකින් පලා ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ



Leave a Reply

Your email address will not be published. Required fields are marked *