BREAKING NEWS
Search

මිද්දෙනිය කැලබු වෙඩි තැබීමෙන් අසාධ්‍යව රෝහලේ සිටි පිරිමි දරුවා ගැන ඇසෙන හද කම්පා කරවන ආරංචිය

2523

මිද්දෙනිය  ගල්පොත්තයාය ප්‍රදේශයේ දී  ඊයේ(18) වන දා රාත්‍රියේ සිදු වූ වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල් ගතකර සිටි නවහැවිරිදි  දරුවා ද අද(19)වන දා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව පොලිසිය පවසයි.

මිද්දෙනිය  ගල්පොත්තයාය ප්‍රදේශයේ දී වෙඩි වැදීමෙන් වීරකැටිය මීගස්ආර ප්‍රදේශයේ පදිංචිව සිටි අරුණ විදානගමගේ නොහොත් කජ්ජා යන අන්වර්ත නමින් හදුන්වනු ලැබූ තැනැත්තා ද  ඔහුගේ 08 හැවිරිදි දියණිය සහ නව හැවිරිදි පුත්‍රයා ද මියගිය බව පොලීසිය කියයි.

තංගල්ල කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල සෙනෙවිරත්න මහතාගේ මෙයෙවීම මත පොලිස් කණ්ඩායම් කිහිපයක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

වෙනත් පුවත්

අදින් පසු නීතිඥයින්ට අධිකරණයට ඇතුල් වීමට බාධකයක්. – පොලිසියෙන් කරන්න යන දේ මෙන්න

ඉදිරියේදී සියලුම නීතිඥයින් අධිකරණ පරිශ්‍රයට ඇතුළු වීමට පෙර පරීක්ෂාවන්ට භාජනය කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ප්‍රකාශ කරනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ, අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ සිදු වූ නීතිඥයෙකු ලෙස වෙස්වලාගත් තුවක්කුකරුවෙකු විසින් පාතාල නායක ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිදුවීමෙන් පසුවයි.

අධිකරණයේ නීතිඥයින් පරීක්ෂා නොකිරීමේ අවස්ථාවෙන් ඝාතකයා ප්‍රයෝජන ගත් බවත් අධිකරණ පරිශ්‍රයේ පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් වැඩබලන පොලිස්පතිවරයා පවසනවා.

එමෙන්ම මෙම ආරක්ෂක පියවර ක්‍රියාත්මක කිරීමේදී සහයෝගයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලා ඇති බවත්, අධිකරණ පරිශ්‍රයන්හි ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා සන්නද්ධ නිලධාරීන් යෙදවීමට අදාළ බලධාරීන්ගෙන් අවසර ලබා ගන්නා බවත් ඔහු සඳහන් කරනවා.

අද උදෑසන අධිකරණ ශාලාව තුළදී සංජීවට වෙඩි තබා ඝාතනය කළ සැකකරුල ප්‍රහාරයෙන් පසු වහාම එම ස්ථානයෙන් පලා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *