BREAKING NEWS
Search

ගනේමුල්ල සංජීවගේ ඝාතකයා කොටුකරගත් මහා මෙහෙයුම මෙන්න

3130

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක වන ගනේමුල්ල සංජීව නොහොත් , මාකිලංගමුවේ සංජීව හෙවත් කුමාර සමරත්න නැමැත්තාට  අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ මූලිකත්වයෙන් විමර්ශන කණ්ඩායම් කිහිපයක් පත්කර ඇතැයි බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පැවසීය.

ඊට අමතරව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේද නිලධාරීන් යොදවා ඇතැයි හෙතෙම කීය.

වෙඩි තැබූ බව කියන රිවෝල්වර වර්ගයේ ගිනි අවිය විත්ති කූඩුව අසල වැටී තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇති අතර ගිනි අවිය එම පුද්ගලයා අධිකරණ සංකීර්ණය තුළට රැගෙන ආ බව කියන “අපරාධ නඩු විධාන සංග්‍රහය ” නැමති පොතේ රිවෝල් වරයක් ආකාරයෙන් එහි පිටු අතර කුහරයක් සාදාතිබූ නීති පොත පොලිස් භාරයට ගෙන ඇත.

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන පුද්ගලයාව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පුත්තලම පාලවිය ප්‍රදේශයේ දීයි. මොහොමඩ් අසමාන් ෂෙරිෆ්ඩින් නැමති මෙම පුද්ගලයා වයස අවුරුදු 34ක් වූ පුද්ගලයෙකි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *