BREAKING NEWS
Search

රුසියන් කතට මරු කැදවූ සෙල්ෆිය

234

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ පොඩිමැනිකේ දුම්රියේ ගමන් ගත් රුසියානු ජාතික විදේශික සංචාරක කාන්තාවක  උදෑසන බදුල්ල හාලිඇල දුම්රිය ස්ථානය අතර දී දුම්රියේ පාපුවරුවේ එල්ලී සෙල්පි ජායාරූප ගැනීමට යාමේදී ගල්පර්වතයක ගැටී දුම්රියෙන් ඇද වැටී බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බව හාලිඇල පොලිසිය පවසයි .

පර්මිනෝවා ඔල්ගා (perminova Olga) නැමති 53 හැවිරිදි රුසියානු ජාතික විදේශික සංචාරක කාන්තාවක මෙසේ මියගිය බවද පොලිසිය කීය .

ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා තවත් විදේශීය සංචාරකයන් පිරිසක් සමඟ මෙරටට පැමිණ ඇති මැය අද උදෑසන බදුල්ල දුම්රිය ස්ථානයට පැමිණ ඇය බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ  පොඩිමැනිකේ දුම්රියේ නැග ඇල්ල බලා ගමන් කරමින් සිටියදී මෙසේ අනතුරට මුහුණ පා ඇතැයි පොලිසිය සදහන් කළේය .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *