BREAKING NEWS
Search

ගනේමුල්ල සංජීවට මරු කැඳවූ වෙඩික්කරුගේ අලුත්ම වීඩියෝව මෙන්න

4502
මේ පුද්ගලයා කවුද..? ගොඩක් දෙනෙක් මේ සිද්ධිය සැලවීමත් සමඟම ඒ ගැන සොයන්නට වුණා…

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අලුත්ම ආරංචියයි..

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළදී අද (19) උදෑසන එල්ල වූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ ගනේමුල්ල සංජීවට වෙඩි ප්‍රහාරය එල්ල කළ වෙඩික්කරුගේ ඡායාරූප මේ වනවිට නිකුත් වී තිබෙනවා…

නීතිඥවරයෙකු ලෙස සැරසුණු පුද්ගලයෙකු විසින් අධිකරණය තුළදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ…

වෙඩිතැබීමට සඳහා යොදා ගත් රිවොල්වරය මේ වන විට අධිකරණය භූමිකයේ තිබී සොයාගෙන ඇති බව සඳහන්…

සංජීවට වෙඩි උණ්ඩ හයක් පමණ වැදී ඇති බවට අනාවරණය වී ඇති අතර ඔහු ජාතික රෝහලේ වෙත ඇතුළත් කරනු ලැබුවා…

නඩු කටයුත්තක් වෙනුවෙන් ගනේමුල්ල සංජීව අද පෙරවරුවේ බූස්ස බන්ධනාගාරයේ සිටයි අධිකරණය වෙත රැගෙනවිත් තිබුණේ..

මේ වනවිට අධිකරණ පරිශ්‍රය තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතර ඒ අවට ආරක්ෂාව තර කර ඇති බවයි අප වාර්තාකරු සඳහන්කර සිටියේ…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *