යාපනය සංකරතෙයිහි පිහිටි ළිදකට වැටී කුඩා දරුවෙකු හා ඔහුගේ මාම ජිවිතක්ෂයට පත්ව ඇති බව වඩුක්කොට්ටේ පොලිසිය සදහන් කරයි.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ, වයස අවුරුදු 03 ක් පමණ වන දනුසන් දනුෂ් නමැති කුඩා දරුවෙකු හා ඔහුගේ මාමා වන වයස අවුරුදු 30 ක් වන පෙරුමාල් මහින්දන් නමැති අයෙකි.
මෙම දරුවා සහ මමා ලිදට ඇදවැටී සිටිනු දුටු ප්‍රදේශවාසීන් ෙදදෙනා ළිදෙන් ගොඩ ගෙන යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී ජිවිතක්ෂයට පත්ව තිබේ.
වෙනත් පුවත්
පුත්තලම දිස්ත්‍රික් හිටපු පා: මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට
නීති විරෝධීව එකලස් කළ වාහනයක් ළඟ තබාගත් සිද්ධියට අදාලවයි මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය සිදුකළ විමර්ශනයකට අනූව මේ අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි පොලිසිය පවසන්නේ.



















