BREAKING NEWS
Search

ඉන්ධන මිල ගැන සතුටු හිතෙන ආරංචියක්

3522

ඉන්ධන මත පනවා ඇති බදු  ඉක්මනින්ම අඩු කිරීමට කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස   මහතා පාර්ලිමේන්තුවේදී අද (18)  පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සමග ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ  දයාසිරි  ජයසේකර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මේ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉදිරියේදී  ලබාදෙන බව පැවසූ අමාත්‍යවරයා තෙල් සංස්ථාව පාඩු වුණේ  කෙසේදැයි  එහිදී තොරතුරු  හෙළිදරව් කරන  බවද ප්‍රකාශ කළේය.

වෙනත් පුවත්

අපරාධ කල්ලි සමාජිකයෙක් ගිනි අවියක් -උණ්ඩ 14ක් සමඟ අල්ලයි

දකුණු පළාතේ  ක්‍රියාත්මක ප්‍රබල අපරාධ කල්ලියක  සාමාජිකයෙකු විදෙස් රටක නිශ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ 14 ක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුංගල්ලේ ඩිංගියා නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන 32 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.

ඊයේ  (17) පස්වරුවේ අහුංගල්ල ප්‍රදේශයේ සිට වැලිපැන්න ප්‍රදේශයට ගිනි අවියක් රැගෙන පැමිණෙන බවට ලද තොරතුරක් වැලිපැන්න,කැප්පෙටිගහලන්ද ප්‍රදේශයේ දී සැකකරු  මත පරීක්ෂා කිරීමේදී බෑගයක සගවා තිබූ එන්පී 22 මිමි වර්ගයේ ගිනි අවිය, එම මැගසීනය සහ ජීව උණ්ඩ 14 ක් සොයාගත් බව පොලිසිය සදහන් කරයි.

අත් අඩංගුවට ගෙන ඇති ගිනි අවිය ආරක්ෂක අමාත්‍යාංශයට අයත් එකක් බවට සැකකර මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් සදහන් වේ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *