BREAKING NEWS
Search

පදමට සුර් වූ පොලිස් නිලධාරියෙක් පාසැල් සිසුවියන්ට කරන්න හැදු කැත වැඩේ – වීඩියෝව මෙන්න

770

මුලතිව් ප්‍රදේශයේ පාසලකට බීමත්ව ඇතුලු වී සිසුවියක් රැගෙන ගොස් අතවර කිරීමට සූදානම් වූ පොලිස් නිලධාරියෙකුට එරෙහිව පාසලේ ගුරුවරුන් හා දෙමව්පියන් මල්ලාවී පොලීසියට ඊයේ (17) පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබෙනවා.

මෙම පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වෙන නිසා සවස් කාලයේදී සිසු සිසුවියන් ක්‍රීඩා පුහුණුවීම්වල නිරතවනවා.

පාසල් ශිෂ්‍යවන් තුන් දෙනෙකු තම විද්‍යාලය අසල පිහිටි වෙළද සැලකට ගොස් සිසිල් බීම බෝතලයක් රැගෙන ආපසු පාසල වෙත පැමිණෙද්දී සිවිල් ඇදුමින් සැරසී සිටි මුලතිව් පොලීසියේ සේවය කරන පොලිස් නිලධාරියෙකු සිසුවියන් පසුපස පාසලටම පැමිණ ඇති බව සඳහන්.

පසුව එක් ශිෂ්‍යාවක් කැදවා ඇයව රවටා ගෙන වැසිකිලිය වෙත යන්නට සූදානම් වූ අවස්ථාවේදී සිසුවියගේ කෑ ගැසීම නිසා පිරිසක් එම ස්ථානයට පැමිණ පොලිස් නිලධාරියාව අල්ලා ගෙන තිබෙනවා.

පැමිණිල්ල ඉදිරිපත් කළ පිරිස මල්ලාවී පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ඔහුව වහාම වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරණ ලෙසත් සෙසු පොලිස් නිලධාරීන්ගේ සහය මත ඔහු පලා යාමට ඉඩ ඇති නිසා ඊට ගැලපෙන ලෙස යම් ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙසයි.

මල්ලාවී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අරම්භ කොට තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *