BREAKING NEWS
Search

සරසවි සිසුවෙකුට අත් වූ හද කම්පා කරවන ඉරණම

413

මැණික්හින්න ,කුණ්ඩසාලේ දම්බරාව ප්‍රදේශයේ නවාතැන්පොළක ලැගුම් ගෙන සිටි ඉන්දියානු විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් අතර සිසුවෙකු එහි නාන තටාකයේ ඇද වැටි ඔලුවට බරපතල තුවාල සිදුවීමෙන් අනතුරුව මහනුවර පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලිසිය කියයි.

එසේ මිය ගොස් ඇත්තේ සන්තොෂ් නමැති 26 හැවිරිදි ඉන්දියානු ජාතික විශ්ව විද්‍යාල සිසුවෙකි.

මෙම විශ්වවිද්‍යාල සිසුන් පිරිස 09 දෙනෙකුගෙන් සමන්විතකණ්ඩායමක් ඉකුත් 16 වැනි දින එම නවතැන්පොලේ නවාතැන් ගෙන ඇති අතර ඔවුන් අද  (18) වැනි දින අළුයම් කාලය වන තෙක් එහි නාන තටාකයේ ගත කරමින් විනෝද වී ඇතිඅතර ඒ අතරතුර මියගිය විශ්ව විද්‍යාල සිසුවා නාන තටාකයේ ඇද වැටී ඔලුවට බරපතල තුවාල සිදුවීමෙන් අනතුරුව රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

වෙනත් පුවත්

ගින්නෙන් ඇල්ල රක්ෂිතයේ අක්කර 700ක් විනාශයි… හෙලිකොප්ටර් යොදා නොගැනීම පිළිගන්න බෑ…! – පරිසරවේදී නයනක රන්වැල්ල

ඇල්ල රක්ෂිතයේ ගින්නෙන් අක්කර 700කට වඩා වන භූමිය විනාශ වී ඇති බව පරිසරවේදී නයනක රන්වැල්ල පවසයි.

“මේ සිද්ධියේදී ඇල්ල රොක් කඳුවැටියේ අක්කර 700කට වැඩි ප්‍රමාණයක් විනාශ වෙලා තියෙනවා. ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මේ වගේ තැනකට ගෙනියන්න බැහැ කියන එක පිළිගන්නෙ නැහැ.

 

අනිත් එක මේ වගේ අවස්ථාවක හෙලිකොප්ටර් යානාවකින් ජලය දාලා ගින්න නිවන්න බැහැ, ඒක අසාර්ථකයි කියන එකත් පිළිගන්නෙ නැහැ. මොකද ඔය හෙලිකොප්ටර් යානයකින් ජලය ලීටර් 11,000 ක ප්‍රමාණයක් රැගෙන යන්න පුළුවන්.

ජෛව විවිධත්වයකින් සමන්විත සොබාව සෞන්දර්ය වටිනාකමකින් යුත් සංචාරක ආකර්ෂණය වැඩිම කලාපයක තමයි මේ ගින්න ඇති වුණේ. අනිත් එක මේ සොබාව සෞන්දර්යය විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි කරන්න ඕනෙ.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *