BREAKING NEWS
Search

අවුරුදු ජයටම කන්න රජයෙන් විශේෂ සහනයක්

665

එළැඹෙන සිංහල අලුත් අවුරුදු සමය සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ලබා දීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව වැඩිවූ ජීවන වියදම අඩු කිරීම සඳහා ආධාරක පියවරක් ලෙස දැරිය හැකි මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට ඉඩ සලසමින් උත්සව සමය සඳහා ආහාර පැකේජයක් ලබාදීමට තීරණය කර ඇත.

අද (17) අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, අලුත් අවුරුදු සමයේදී ලංකා සතොස සමාගම හරහා සහල්, ටින් මාළු, පරිප්පු, ළූණු, අර්තාපල් සහ කරවල ඇතුළු වියළි ආහාර සලාකයක් ලබා දීමට යෝජනා කරන බවය. මෙම සලාකය ලබාදීමේ පිරිවැය වෙනුවෙන් රුපියල් මිලියන 1,000ක මුදලක් අයවැයෙන් වෙන් කිරීමට යෝජනා කර තිබේ.

වෙනත් පුවත්

ආණ්ඩුවේ පළමු අයවැය එන දවසේම වාරිමාර්ගේ සහකාර ඉංජිනේරුවෝ අසනීප වෙයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහකාර ඉංජිනේරු නිලධාරීන් අද (17) සහ හෙට (18) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ.

උසස් වීම් ක්‍රමවේදයේ පවතින ගැටලු හේතුවෙන් ඊට විසඳුම් ඉල්ලා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහකාර ඉංජිනේරු නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිරෝෂන් සිල්වා මහතා පැවසුවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *