BREAKING NEWS
Search

සෙබළුන්ගේ පාස්පෝට් රෙජිමේන්තුව බාරයට

1322

විදෙස් පුහුණුවීම් සහ සාම සාධක බළකා රාජකාරී කටයුතු කඩිනමින් සිදුකිරීම සදහා යුද හමුදා මේජර් තනතුරට පහළ සියලුම සෙබළුන්ගේ විදෙස් ගමන බලපත්‍ර රෙජිමේන්තුව බාරයේ තබන ලෙස යුද හමුදා මූලස්ථානය සියලු රෙජිමේන්තු බාර අණ දෙන නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ මහතා පැවැසීය.

යුද හමුදා සෙබළුන්ගේ විදෙස් ගමන් බලපත රෙජිමේන්තුව සන්තකයේ තබාගැනීමේදී යම් අපරාධයකට සම්බන්ධ සෙබළුන්ට විදෙස්ගතවීමේ හැකියාව ද අවහිර වන බව ගමගේ මහතා පැවැසීය.

එමෙන්ම බොහෝ යුද හමුදා සෙබළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අස්ථානගතවී ඇති අතර එවැනි විදේස් ගමන් බලපත්‍ර තෙවන පාර්ශවයක් අතට යෑමේ අවධානම ද අවම වන වරුණ ගමගේ මහතා කීය.

බොහෝ සෙබළුන් දුර පළාත්වල රාජකාරී සිදුකරන අතර හදිසියේ විදෙස් පුහුණුවීම්වලට යැවීමේදී හා සාමා සාධක බළකා සදහා විදෙස් ගත කිරීමේදී ඇති වන ගැටලු කාරී තත්ත්ව වළක්වා ගැනීම සදහා මෙම ක්‍රමවේදය ආරම්භ කර ඇති අතර එම විදෙස් ගමන් බලපත ආරක්ෂිතව සහ සුරක්ෂිතව තබාගැනීමට රෙජිමේන්තු අණ දෙන නිලධාරීන්ගේ වගකීම වන බව ද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *