BREAKING NEWS
Search

12ක් රෝහලට යැවූ බිහිසුණු රිය අනතුර

349

කන්දකැටිය බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්‍රදේශයේ දී අද (17) උදෑසන මාර්ගයේ ගමන් ගත් පෞද්ගලික බස් රථයක් හා ඇගලුම් කම්හලක පිරිසක් ගමන් ගත් වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින්   තුවාල ලැබූ  තරුණියන් 08  දෙනෙකු ඇතුලු 12 දෙනෙකු කන්දකැටිය ප්‍රාදේශීය  රෝහල වෙත ඇතුලත් කර ඇතැයි පොලීසිය කියයි.

ඉන් හත් දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා මහියංගණ මූලික රෝහල වෙත මාරුකර යවා ඇතැයිද  කන්දකැටිය පොලීසිය පවසයි.

අනතුරින් තුවාල ලබා ඇත්තේ කන්දකැටිය, වැවේතැන්න ‍. බෝපිටිය හා ඒ අවට ප්‍රාදේශවල පදිංචි කන්දකැටිය ප්‍රදේශයේ ඇගලුම් කම්හලක සේවය කරන පිරිසකි.

පටු මාර්ගයේ වංගු සහිත ප්‍රදේශයකදී වාහන දෙක ගැටීමෙන් අනතුර සිදුව ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *