BREAKING NEWS
Search

තරු පේන්නම ඉහල ගිය එළවලු මිල – නවතම මිල ගණන් මෙන්න

786
තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු උඩරට එළවලුවල තොග මිල අද ඉහළ අගයක් ගෙන තිබුණා.

ඒ අනුව , කැරට් කිලෝවක තොග මිල සදහන්ව තිබුණේ රුපියල් 1,000ක් ලෙසයි.

කෙසේ වෙතත් පහතරට එළවලු මිල ගණන් යම් අඩුවීමක් දක්නට ලැබුණු බවයි අනුරාධපුර හිරු වාර්තාකරු සදහන් කළේ.

තක්කාලි, දෙහි කිලෝවක තොග මිල රුපියල් 80 සීමාවේ පැවති බව සදහන්.

එමෙන්ම, කරවිල කිලෝවක තොග මිල රුපියල් 450 ත් 500 ත් අතරත්, වම්බටු කිලෝවක් රුපියල් 350 ත් 400 ත් අතරත්, වැටකොලු කිලෝවක් රුපියල් 250ත් 300 ත් අතරත් සටහන් වුණා.

වෙනත් පුවත්

මාර්ග අධිකාරිය අයිති නැති වැඩට කෝටි 14000ක් පුදලා

මාර්ග සංවර්ධන අධිකාරිය තම  විෂය  පථයට අයත් නොවන මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් කෝටි දා හතර දහස් හත්සිය පහළොවක් (14715ක් ) වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

මෙම මුදල වැය කර ඇත්තේ 2020 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කාලයේදී බවද එම වාර්තාවේ දැක්වේ.

මෙම මුදලට මගේ නැගුම ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ මාර්ග කිලෝමීටර් 6 426 ක් ප්‍රතිසංස්කරණය අලුත් වැඩියාව සහ සංවර්ධන කටයුතු සඳහා වැය කළ රුපියල් කෝටි 381ද ඇතුළත්වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

අධිකාරියේ විෂය පථයට අයත් නොවන මාර්ග ප්‍රතිසංස්කරණය යටතේ මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇත.

මේ අතර සමස්ත මාර්ග පද්ධතියේ දුර ප්‍රමාණයෙන් සියයට 73 ක ප්‍රතිශතයක් වූ කිලෝමීටර් 8958 ක මාර්ගයන්හි වූ වටිනාකම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනවල දක්වා නොතිබූ බව විගණන වාර්තාවේ දැක්වේ.

තවද මාර්ග පද්ධති සංවර්ධන සම්බන්ධීකරණ කමිටුවක් පත් කර මාර්ග පද්ධති සංවර්ධනය සහ නඩත්තුව සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කළ යුතු වුවත් ඒ අනුව කටයුතු කර නොතිබූ බවද විගණන වාර්තාව පවසයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *