එහි සිටි සියල්ලෝම ඇයට සහෝදරයෝය. සහෝදරියෝය. සුබ පැතුම් මධ්‍යයේ කාර්යාලයේදී කැපුණු ඒ කේක් ගෙඩියේ කෑලි සිය සහෝදර සේවක සේවිකාවන්ට ඇය කැවුවේ සහෝදරත්වයෙනි.
තම ජංගම දුරකථනවලින් ඡායාරූප ගැනීම මෙන්ම වීඩියෝ කිරීමද මෙහිදී අතොරක් නැතිව සිදුවූයේ එය සාමාන්‍ය දෙයක් වූ නිසාය.
ඒ උපන් දින සැමරුම මෙන්ම දවසේ රාජකාරිද නිමවූයේය. ඔහු නිවෙසට ගියේය. බිරිය නිවෙසේ නොසිටියාය. ඇය සිය නිවෙස බලා ගොසිනි. ඒ පිළිබඳව සොයා බැලීමේදී දැන ගන්නට ලැබුණේ කාර්යාලයේ සේවිකාව ඔහුට කේක් කවන අයුරු හා ඔහු ඇයට හාදුවක් දෙන අයුරු ඡායාරූප දෙකම ඇයගේ දුරකතනයට වට්ස්ඇප් මගින් ලැබීමත් නිසාය.
එයින් උරණව සිය සැමියාටද නොදන්වා ඔහුගේ මෑණියන්ටද මේ වගේ අශීලාචාර පුතකු හැදුවාට දෙස් දෙවොල් තියා ඇය සිය නිවස බලා ගොස් තිබුණි.
සිය බිරියගේ මොළයේ තරම දන්නා සිය සහෝදර සේවක, සේවිකාවන් විනෝදාස්වාදයක් ලබා ගැනීමට මේ කළ දෙයින් දැන් තමා වැටී ඇත්තේ ලොකු අමාරුවක බව දැනගත් ඔහු බිරිය ගෙන්වා ගැනීමට අපමණ මහන්සියක් ගත්තේය.
එය පල දැරුවේ කාලයක් ගතවී ගොසිනි. එක එක්කෙනාගේ පැහැදිලි කිරීම් මධ්‍යයේය. මේ සේවිකාව තවත් සහෝදර සේවකයන්ට කේක් කවන අයුරු හා ඔවුන් ඇයට හාදු දී සුබ පතන අයුරු ඡායාරූප පෙන්වීම එයට හොඳම නිදසුනක් වුණාලු.


















