BREAKING NEWS
Search

නටන්න ඕනෑ හැම නාඩගමක්ම නටලා මාව රැවට්ටුවා – අහිංසක තරුණයෙක්ගේ කතාව…

628

අද  වැලන්ටයින් දා යුවළක් ගැන මේ කතාව ඇහෙන්නේ බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ දිස්ත්‍රික්කයකින්.

මේක පමණට වඩා අවංකවීමට ගොස් සිද්ධ වුණ දෙයක්.

තරුණයා රජයේ සේවකයෙකු වූ විසි හය හැවිරිදි කඩවසම් තරුණයෙකි.

තරුණිය ඇඟලු‍ම් කම්හලක සේවය කළ අතර විසි හතර හැවිරිදි රූමත් තරුණියක් විය.

දෙදෙනාගේ හමුව යෝජනාවකට අනුව සිදුවුනු අතර “ඔයාට නම් ගොඩක් කෙල්ලෝ ඉන්නැති” යනුවෙන් කුළුපග බවින් පිරීගිය දිනෙක මිතුරු දොඩමළුවකදී තරුණිය කීවාය.

“ඉස්කෝලේ යන කාලේ පොඩි සම්බන්ධයක් තිබුණා. ඒත් ඒක එච්චර දුරදිග ගියේ නෑ. ඊට පස්සෙ මට හම්බවුණ පළවෙනි කෙල්ල ඔයා තමයි.” තරුණයා පැවසුවේය.

“ඇත්තමයි කියන්නේ මට නම් එක සම්බන්ධයක්වත් තිබුණෙම නෑ. කොල්ලොනම් පස්සෙන් ආවා. ඒත් ඒ එකකටවත් මම කැමැති වුණේ නෑ. මගේ “ෆස්ට් ලව් එක ඔයා” තරුණිය ආදරණීය ලීලාවෙන් කීවාය.
දෙදෙනාගේම ප්‍රකාශ අවිශ්වාස කිරීමට දෙදෙනාටම අවශ්‍ය නොවුණු අතර ඒවා පරම සත්‍ය ලෙස දෙදෙනාම ඇඟවූහ.

අද වැලන්ටයින් දා මේ යුවළ ප්‍රදේශයේ හෝටලයකට ගොඩ වුයේ තරුණයාගේ දැඩි පෙරැත්ත කිරීම නිසාය.

හෝටල් කාමරයට ගිය සැණින් තරුණිය වැළඳගත් තරුණයා උතුරන සතුටෙන් “අද ඉඳලා මගේ ජීවිතේ හිරුත් ඔයා සඳුත් ඔයා තරුත් ඔයා” යනුවෙන් පැවසීය.

මේ පවසන්නේ හිරු, සඳු, තරු ගැන නොව මීට පෙර යාළු වී සිටි ගැහැනු ළමයින්ගේ නම් යැයි වරදවා තේරුම් ගත් තරුණිය “එයා මට අවංක වුණා වගේම මමත් වෙන්න ඕනෑ” යැයි සිතා,

“ඇයි අනේ ඔයාට විතරක් අද ඉඳලා මගේ ජීවිතේ සරතුත් ඔයා, පියලු‍ත් ඔයා කමලු‍ත් ඔයා.”

ක්ෂණයෙන් තරුණියට කම්මුල් පහරක් හිමිවිය.

“තමුසෙ නටන්න ඕනෑ හැම නාඩගමක්ම නටලා අන්තිමට මාවත් රැවට්ටුවා, තමුසෙ වගේ කෙල්ලෙක් මට එපා, කීවේය…



Leave a Reply

Your email address will not be published. Required fields are marked *