BREAKING NEWS
Search

විශ්වාස කරන්න පුලුවන්ද ? ඔරු පදිමින් සිටි තරුණයාව තල්මසෙක් ගිල එසැනින් එලියට දාලා- වීඩියෝව මෙන්න

1950

එස්කිමෝ ඔරුවක (කායැක්) නැගී, මැගලන් සමුද්‍ර සන්ධියේ ඔරු පදිමින් සිටි චිලී ජාතික තරුණයකු තල්මසකුගේ විසින් අත්වැරදීමකින් ගිල්ල බවත්, එසැණින් තරුණයා පිටතට දැමීමට තල්මසා කටයුතු කළ බවත් වාර්තා වේ.

මෙම තරුණයා මැගලන් සමුද්‍ර සන්ධියේ ඔරු පදිමින් සිටියේ පියා ද සමඟය. තරුණයා ඔරුව පිටින් තල්මසාගේ මුඛය තුළට යන අයුරුත්, තල්මසා පසුව තරුණයා සහ ඔරුව පිටතට දමන අයුරුත් එම වීඩියෝ දසුන්වල සටහන් වී ඇත.

එම දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

ඒය බිහිසුණු අත්දැකීමක් වූ බවත්, තල්මසාගේ මුඛය තුළය ගිය තමන්ට මරණ බිය දැනුණු බවත් 24 හැවිරිදි ඒඩ්‍රියන් සිමන්කාස් නමැති එම තරුණයා පවසා ඇත.

එම අවස්ථාවේදී මුහුදේ පිහිනමින් සිටි කුඩා මාළු රංචු ගිලිමින් සිටි යෝධ තල්මසා ඒඩ්‍රියන් සිමන්කාස් සහ කුඩා ඔරුව මුඛයට ගත්තේ අත්වැරදීමකිනි.

එස්කිමෝ ඔරුවක (කායැක්) යනු තනි පුද්ගලයකු හබල් ගාන කුඩා ඔරුවකි. මෙම ඔරු එක්ස්කිමෝවරුන් විසින් බහුලව භාවිතයට ගනී. එහෙයින් එස්කිමෝ ඔරු යනුවෙන් ද මේවා හැඳින්වෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *