මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රීගේ රථයේ ගැටී තරුණයෙක් මියයයි

685

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසල් මහතා පාර්ලිමේන්තු සැසි වාරයක් සඳහා සහභාගිවීමට මෝටර් රථයෙන් මාදම්පේ  ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී  යතුරුපැදියක් ගැටීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු දංකොටුව රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බව කොස්වත්ත පොලිසියය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වෙන්නපුව ප්‍රදේශයේයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය මාදම්පේ  සිට තෝප්පුව දෙසට ගමන් කරමින් සිටියදී මාර්ගයේ විරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියේ ගැටී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණයය වී ඇත.

පොලිසිය වැඩිදුර සිදුකළ විමර්ශනවලදී අනාවරණය වීී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ රියදුරට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

වෙනත් පුවත්

හිටපු ප්‍රා.සභාපතිගේ ඉඩමකින් නිතී විරෝධි ගිනි අවියක්

මත්තල ප්‍රදේශයේ වගා ඉඩමක් රැක බලාගත් පුද්ගලයෙකු ළග තිබී විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 පතොරම් තුවක්කුවක්  සමඟ අයෙක් ඊයේ (13) රාත්‍රි අත් අඩංගුවට ගත්බව මත්තල පොලිසිය පවසයි

මෙම ගිනි අවිය සොයාගත් වගා ඉඩම  බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකුට අයත්  බව පොලිසිය පැවසීය .

ගිනි අවිය ළග තබා ගැනීමට බලපත්‍ර නොතිබූ බවද පොලිසිය පැවසීය.  ගිනි අවිය සමඟ අත් අඩංගුවට ගත් සැකකරු අම්පාර ,උහන ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකු බවද පොලිසිය පැවසීය .

සැකකරු අද  (14) තිස්සමහාරාම  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *