BREAKING NEWS
Search

ෆෝන් එකේ ඉන්නවට අම්මා බැන්නා කියලා 20 වැනි මහලෙන් පැන ජිවිතය හැරගිය සිසුවිය

1584
මෙවන් විපතක් සිදුවේවි කියලා ඇයවත් පවුලේ කිසිම කෙනෙක්වත් කවමදාකවත් හිතන්න නැතුව ඇති…
ඉන්දියාවේ බැංගලෝර් නගරයයේ පදිංචි 15 හැවිරිදි දැරියක් ඇය ජීවත් වූ මහල් නිවාස සංකීර්ණයේ 20 වැනි මහලෙන් පැන සියදිවි නසා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අවන්තිකා චෞරේෂියා නමැති දැරියක්.

ඇය පෞද්ගලික පාසලක ඉගෙනුම ලබමින් සිට ඇති අතර, පෙර පැවති විභාගයකදී අඩු ලකුණු ලබා ගෙන ඇති බවටයි මාධ්‍ය වාර්තා කරන්නේ.

එම නිසා පෙබරවාරි 15 වැනිදා වාර්ෂික විභාග ආරම්භ වීමට නියමිත බැවින්, දැරිය ඇයගේ ජංගම දුරකථනය සමග කාලය ගත කරමින් සිටින බව නිරීක්ෂණය කිරීමෙන් පසු දැරියගේ මව එයට විරෝධය පළ කර තිබෙනවා.

මෙයින් කෝපයට පත් දැරිය මහල් නිවාසයේ 20 වැනි මහලෙන් පැන සියදිවි නසාගෙන ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් මාපියන්ගෙන් නිල ප්‍රකාශ තවමත් සටහන් කර නොමැති අතර, නඩුව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු තවමත් නිකුත් කර නොමැත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *