ඔයා ආදරය කරන කෙනා තවමත් පරණ කෙනාට තාම හිතින් ආදරය කරනවද හොයාගන්නේ මෙහෙමයි

318

බොහෝ විට ප්‍රේම සබඳතාවයක් බිඳුණු සැනින් පරණ සහකාරියව අමතක කරන්න ඔහුට බැහැ. පරණ සහකාරියව අමතක කලාට පසුවයි ඔහු නව පෙම්වතියක් තෝරා ගත යුත්තේ. එත් සමහරු පරණ පෙම්වතියගේ ජායාව හිතේ හොල්මන් කරන අතරතුරේදීම, නව පෙම්වතියක් තෝරා ගන්නවා. ඉන්පසුව පරණ පෙම්වතිය ගැන සිහි කරමින්, නව පෙම්වතියව ඇසුරු කරනවා. මෙවැනි පෙම්වතෙකු තුලින් මතු වෙන ලක්ෂණ කීපයක් තිබෙනවා. අද අපි මේ ගැන කතා කරන්නට තීරණය කළා.

 

1 ඔහු නිතරම කතා කරන්නේ පැරණි පෙම්වතිය ගැනමයි

ඔබ සමඟ මොන කතා බහක යෙදී සිටියත් ඔහුගේ මුවෙන් එක පාරටම පරණ පෙම්වතිය ගැන කියවෙනවා. ඇය සමඟ කල, කී දේවල් ඔහු ඔබට කියන්නේ මහත් ආසාවෙන්. ඔබේ හිත රිදෙනවා කියලා ඔහුට ඒ වෙලාවට දැනෙන්නේවත් නෑ.

 

2 වැරදිලා ඔබට ඇගේ නම කියලා කතා කරනවා

මේ වගේ පෙම්වතෙක්ගෙන් සිදු වන තවත් බරපතල ආකාරයේ අඩුපාඩුවක් තමයි මේ. ඔහුගේ කටට හුරු පරණ පෙම්වතියගේ නමයි. ඉතින් ඔහුට හදිසි අවස්ථාවල වැරදිලා ඇගේ නම කියවෙනවා. ඔහුගේ සිතේ තවමත් පරණ පෙම්වතිය සිටින බව හැඟවෙන ලක්ෂණයක් තමයි ඒක.

 

3 ඔබව සහ පරණ පෙම්වතියව සසඳනවා

ඔහු නොදැනුවත්වම හෝ හිතාමතාම ඔබව ඔහුගේ පරණ පෙම්වතිය හා සසඳනවා. ඔබ මොනවා හරි කටයුත්තක නිරත වෙද්දී “අරයා නම් ඕක කලේ මෙහෙමයි” කියලා ඔහුට කියවෙනවා. ඔබ මොනවට හරි තරහ අරගෙන ඉද්දි “අරයා නම් ඔහොම රණ්ඩු කලේ නෑ.” වගේ කතා කියන්න ඔහු පෙළඹෙනවා.

 

4 පරණ පෙම්වතියගේ ෆොටෝ/ පොස්ට් වලට ලයික් කමෙන්ට් දානවා

ඔහු විවේක අවස්තාවලදී පරණ පෙම්වතියගේ සමාජ ජාලා ගිණුමේ ඇය අලුතින් දාලා තියෙන්නේ මොනාද කියලා හොයන්න ඔහුගේ කාලය ගත කරනවා. ඔහු ඇයගේ ජායාරූප, පළ කිරීම් ආදියට ලයික් සහ කමෙන්ට් දානවා. ඒ සාමාන්‍ය ආකාරයේ කමෙන්ට් නම් නෙවෙයි. ඔහුගේ කමෙන්ට් වල ස්වභාවය අනුව ඔහු තාමත් ඇය ගැන උනන්දුවෙන් සිටින බව ඉබේම හෙළි කෙරෙනවා.

 

5 ඔහු තවමත් ඇයට දුරකථන ඇමතුම් ලබා දෙනවා

ඔබ සමඟ ආදරය කළත් ඔහු විටින් විට ඇයට දුරකථන ඇමතුම් ලබා දෙනවා. කෙටි පණිවිඩ යවනවා. සමහරවිට ඇය ඔහුට පිළිතුරු දෙන්නේ නැතිව ඇති. නමුත් ඔහු දිගින් දිගටම උත්සාහ කරනවා. මේ වගේ අවස්තාවක ඔහු ඔබව ඇසුරු කරන්නේ ඔහුගේ දුක තුනී කර ගැනීමේ අරමුණින් වෙන්න ඇති.

 

6 ඇයට පෙම්වතෙකු සිටින බව ආරංචි වූ විට අසාමාන්‍ය ලෙස කලබලයට පත් වෙනවා

පරණ පෙම්වතියට නව පෙම්වතෙක් ලැබුනම දුකක් දැනෙන එක සාමාන්‍ය සිදුවීමක්. නමුත් පරණ පෙම්වතිය ගැන හිතේ තියාගෙන ඉන්න පෙම්වතුන් ඒ වගේ ආරංචියකදී අසාමාන්‍ය ලෙස කලබලයට සහ දුකට පත් වෙනවා.

 

7 රිදවන්න උත්සාහ කරනවා

ඔහුට නව පෙම්වතියක් සිටිනවා නම්, ඔහු පරණ පෙම්වතිව රිදවන්න  උත්සාහ කරන්නේ කුමකටද? ඒ ඔහුගේ සිතේ තවමත් ඇය රැඳී ඇති නිසායි. ඔහු සමාජ ජාලා වලට, අයගේ නව පෙම්වතාට හෝ දෙමව්පියන්ට ඔවුන් දෙදෙනාගේ පරණ ජායාරූප, ලිපි සහ කෙටි පණිවිඩ පෙන්වමින් රිදවන්න උත්සාහ කරනවා නම්, එය නොසලකා හරින්න බැරි කාරණයක්.

 

8 ඔහු ඇය එවූ පරණ කෙටි පණිවිඩ තවමත් තියාගෙන ඉන්නවා


සාමාන්‍යයෙන් පෙම් සබඳතාවයක් බිඳුනම කෙටි පණිවිඩ මකා දැමීම සාමාන්‍ය කරුණක්. නමුත් ඔහු තවමත් පරණ පෙම්වතිය එවූ කෙටි පණිවිඩ මකා දමා නැති නම්, ඒවා තවමත් වරින් වර බලනවා නම් එයින් හැඟෙන්නේ ඔහු තවමත් ඇය ගැන සිතන බවයි.

 

9 ඔහුට ඇය ලබා දුන් ත්‍යාග/ ඇය සමඟ ලබා ගත් ජායාරූප තවමත් ඉවත් කර නැහැ

ඔහු පරණ පෙම්වතියගේ ජායාරූප සහ ඇය විසින් ඔහුට ලබා දුන් ත්‍යාග ඉවත් කර නැති නම් එයින් හැඟවෙන්නේ ඔහු තවමත් ඇයට කැමැත්තෙන් සිටින බව විය හැකියි.

Source – goodhousekeeping.lk

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *